
මිනුවන්ගොඩ ඇගලුම් කම්හලේ සේවක පිරිසට පොලිසිය දුන් නියෝග අනුව කටයුතු නොකළ පිරිසට සහ ඔවුන් සගවාගෙන සිටින පුද්ගලයන්ට එරෙහිව නිරෝධායන නීති රීති යටතේ දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
කම්හල් සේවක සේවිකාවන්ට ඉදිරිපත් වන්නැයි පොලිසිය කළ නියෝග නොතකමින් යම් පිරිසක් මෙම සේවක
මෙම සේවක සේවිකාවන්ට ඉදිරිපත් වන ලෙසට පොලිසිය දුන් කාලසීමාව ඊයේ (8) දිනයෙන් අවසන් වන බවද අජිත් රෝහණ මහතා කීය. පොලිසියේ දැනුම්දීමට අවනත නොවූ පිරිස් නිරෝධායන නීතියට පටහැනිව ක්‍රියා කළ අය ලෙස සලකා ඔවුන් සම්බන්ධයෙන් නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බවද ඔහු සඳහන් කළේය.
-ඉන්දිකා රාමනායක-
Comments
Post a Comment
Your comment will be visible after approval