
ගතවූ දින 8 තුළ කොළඹ නගරයේ සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණ වලින් කොවිඩ්-19 ආසාදිතයින් දසදෙනෙකු හදුනාගෙන ඇති බව කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරි වෛද්‍ය රුවන් විජේමුණි මහතා පැවසුවේය.
එහිදී හදුනාගත් ආසාදිතයින්ගෙන් 10 දෙනෙකු පමණක් කොළඹ නගරයෙන් වාර්තා වී ඇති බව වෛද්‍යවරයා සදහන් කළේය.
මේ අතර කොළඹ දිස්ත්‍රික්කයෙන් පමණක් කොරෝනා ආසාදිතයින් 160ක් ඊයේ සවස වනවිට හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර ඊයේ ප්‍රකාශ කළේය.
මෙම සියලු දෙනා මිනුවන්ගොඩ පොකුරේ ආශ්‍රිතයින් ලෙස ඔහු නම් කළේය.
Comments
Post a Comment
Your comment will be visible after approval