කොවිඩ් වෛරසය ආසාදනය වූ ගර්භනී කාන්තාවක් කොළඹ කාසල් රෝහලෙන් හදුනාගෙන ඇතැයි රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.මෙම කාන්තාව ගම්පහ ප්‍රදේශයේ පදිංචි කාරීනියක් යැයිද එම ආරංචි මාර්ග තවදුරටත් අවධාරණය කරයි.
රෝහල් ප්‍රකාශිකාවක් සදහන් කළේ කොවිඩ් වෛරසය ආසාදනය වූ ගර්භනී මව්වරුන් හදුනා ගැනීමේ විශේෂ වැඩපිළිවෙලක් රෝහල තුල සකස් කර ඇති බවත් එසේ හදුනා ගන්නා ගර්භනී මව්වරුන් ප්‍රතිකාර සදහා මුල්ලේරියා රෝහල වෙත ප්‍රතිකාර සදහා රැගෙන යාමට කටයුතු කරන බවය.

Comments
Post a Comment
Your comment will be visible after approval