
සමාජ මාධ්‍ය ජාල ඔස්සේ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සම්බන්ධයෙන් වීඩියෝ පටයක් මුදාහළ කාන්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද දහවල් කොළඹ බත්තරමුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර සිටිනවා.
ආගම් අතරේ අසමගිය ඇති කිරීමේ අභිප්‍රායෙන් යුතුව මෙවැනි ප්‍රකාශ සිදුකරනු ලබන පුද්ගලයින්ට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බව
ඇගේ විඩියෝවේදී කාදිනල් හිමියන්ට අගෞරව කරන බවද අමතා තිබුනේ අංකල් නමින් බවද පැවසුණි.
43 හැවිරිදි වියේ පසුවන මෙම කාන්තාව හෙට දිනයේදී කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමට නියමිත බවපොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
Comments
Post a Comment
Your comment will be visible after approval