
මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ සේවය කරන කොරෝනා වැළඳුනු තම සැමියාගේ රෝග තත්වය සඟවන ලද බිරිඳක් කටුනායක නිදහස් වෙළෙද කලාපයේ කර්මාන්ත ශාලාවක සිය රැකියාවට යාම නිසා ඇය හරහා 17 දෙනෙකුට කොරෝනා වැළඳී සොයාගත් බව යුද හමුදාපතිවරයා පවසා සිටියේය.
මේ සම්බන්ධයෙන් බුද්ධි අංශ කරුණු සොයා ගැනීමත් සමග අදාළ කර්මාන්ත ශාලාවට ගොස් දැනුවත් කරන ලද බවද ඔහු කීය.
හමුදාපතිවරයා ඒ ගැන මෙසේ කියා සිටියේය.
'මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ සේවය කරන පුද්ගලයෙකුගේ බිරිඳක් රැකියාව කළා කටුනායක නිදහස් වෙළෙද කලාපයේ කර්මාන්ත ශාලාවක. තමන්ගේ ස්වාමි පුරුෂයාට කොවිඩ් ආසාධනය වෙලා කියලා දැන දැනම අදාළ කාන්තාව රැකියාවට ගිහින් තිබූනා. මේ ගැන අපේ බුද්ධි අංශ කරුණු හොයාගෙන අදාළ කර්මාන්ත ශාලාවට ගිහින් ඇයව දැනුවත් කළා. පස්සේ ඒ කර්මාන්ත ශාලාවේ සිදුකළ PCR පරීක්ෂණ වලින් එහි සිටින සේවක සේවිකාවන් 17 දෙනෙකු කොවිඩ් රෝගීන් හඳුනා ගෙන තිබෙනවා. මේ වෛරසය ඉතා ඉක්මනින් ව්‍යාප්ත වෙනවා. ඒ නිසා අවධානමෙන් පසුවන එකයි සිදුකරන්න ඕන”
Comments
Post a Comment
Your comment will be visible after approval