වෛද්‍යවරයකුගේ පියකු කොරෝනා ආසාදිතයකු බව හෙළිවීමත් සමඟ නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ කායික රෝග බාහිර අංශය හා සායනය තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව මධ්‍යම පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය නිහාල් එදිරිසූරිය මහතා පැවැසීය.
මෙම කායික රෝග අංශයේ වෛද්‍යවරයාගේ නිවෙස කැලණිය ප්‍රදේශයේ වන අතර ඔහුගේ පියා කොරෝනා
එම පියා බැලීමට මෙම වෛද්‍යවරයා ගොස් ඇති බව හෙළිවීමත් සමඟ මෙම රෝහල් බාහිර රෝගී අංශය වසා දමා එම වෛද්‍යවරයා, හෙදියන් හා කාර්ය මණ්ඩලය සියලු දෙනා නිරෝධායනයට යොමු කර ඇති බවත් පොලිසිය සඳහන් කළේය.
මෙම වෛද්‍යවරයාට පී.සී.ආර්. පරීක්ෂණය සිදු කිරීමට කටයුතු කර ඇති බව ද සඳහන් කළ සෞඛ්‍යය අධ්‍යක්‍ෂවරයා නාවලපිටිය රෝහල තුළ සෞඛ්‍ය ආරක්ෂක පියවර රැසක් රැගෙන ඇති නිසා කිසිවකුත් බිය විය යුතු නොමැති බව ද සඳහන් කළේය.
- සුරංග රාජනායක -

Comments
Post a Comment
Your comment will be visible after approval