හලාවත දිස්ත්‍රික් මහ රෝහලට ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි තරුණයෙකු කොරෝනා ආසාදිතයෙකු වශයෙන් හඳුනාගැනීම නිසා ඔහුව අද ( 8 ) ඉරණවිල කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයට ඇතුළු කළ බව හලාවත ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය කියයි.
මෙම තරුණයා අසනීපයකට ප්‍රතිකාර ලබා ගැනීමට හලාවත රෝහලට ඇතුළත් වු පසු පී.සී.ආර්.
රෝගි තරුණයා හලාවත අඹකදවිල ප්‍රදේශයේ ආගමික මධ්‍යස්ථානයක සේවය කළ 30 වන වියේ පසුවන තරුණයෙකු බවත්, ඔහු කොරෝනා ආසාදිතයෙකු වශයෙන් හඳුනාගත් පසු සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරින් තරුණයා වාසය කළ ස්ථානයට ගොස් පරීක්ෂණ ආරම්භ කළ බවත්, එහි සිටින සියලු දෙනා හෙට ( 9 ) පී.සී. ආර්. පරීක්ෂණයන් සදහා හලාවත දිස්ත්‍රික් මහ රෝහලට කැඳවා ඇති බවත් එහි ප්‍රකාශකයෙක් කීය.
(ඔගස්ටින් ප්‍රනාන්දු)
Comments
Post a Comment
Your comment will be visible after approval