කලවාන මූලික රෝහලේ ළමා වාට්ටුව භාරව සිටි වෛද්‍යවරියක සේවයං නිරෝධායනයට ලක් කිරීම හේතුවෙන් රෝහලේ ළමා වාට්ටුව වසා දැමීමට පියවර ගෙන තිබේ. කලවාන මූලික රෝහල සඳහන් කරනුයේ, එම වෛද්‍යවරිය සමග සිටි තවත් වෛද්‍යවරුන් දෙදෙනකු හා හෙදියන් සයදෙනෙකු කාර්යමණ්ඩලයේ දසදෙනෙකු ස්වයං නිරෝධායනයට ලක් කර ඇති බවයි.
ළමා වාට්ටුව භාරව සිටි වෛද්‍යවරියගේ පී.සී.ආර්. වාර්තා ලැබෙන තෙක්, ළමා වාට්ටුව යළි විවෘත නොකරන බවත්, එය එම වාට්ටුවට පැමිණෙන අයගේ සෞඛ්‍ය ආරක්‍ෂාව උදෙසා ගත් පියවරක් බවත් කලවාන මූලික රෝහල සඳහන් කරයි.
ළමා වාට්ටුව හැර අනෙකුත් වාට්ටු හා ප්‍රතිකාර සුපුරුදු ලෙස සිදුවන බවත්, සායන කටයුතු රෝගීන්ගේ සෞඛ්‍ය වාර්තා තබන පොත් බලා ප්‍රතිකාර ලබාදීමට කටයුතු කර ඇති බවත් එම රෝහල පවසා සිටියි.
එම රෝහලේ වෛද්‍යවරුන් හා හෙදියන් කාර්යමණ්ඩලය ස්වයං නිරෝධායනයට ලක් වීම හේතුවෙන් රෝහල් කටයුතු ඉතා අසීරුවෙන් පවත්වාගෙන යන බවද කලවාන මූලික රෝහල පවසයි.
- ප්‍රියංකර ජාතුංගම -

Comments
Post a Comment
Your comment will be visible after approval