මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ සේවකයන් 7 දෙනකු කොවිඩ් 19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් සෞඛ්‍ය අංශ උපදෙස් මත එම වෙළඳ මධ්‍යස්ථානය ලබන 2 වැනිදා දක්වා වසා තැබීමට නියෝග කළ බව කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පවසයි. මේ පිළිබඳව විෂය බාර අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ශ මහතා දැනුවත් කළ බව ද කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා පැවැසීය.
වසා දමන ලඳ ආර්ථික මධ්‍යස්ථානය විෂබීජහරණයට ලක්කළ බව ද ඒ මහතා කීය. වසා දමා තිබෙන කාල සීමාව තුළදී ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳුන් පී.සී.ආර්. පරීක්ෂත්ණයට යොමු කිරීමටත් ව්‍යාපාරිකයන් විසින් ගෙන්වා ඇති එළවළු තොග කොළඹ දිස්ත්‍රික් ලේකම්රවයාගේ උපදෙස් පරිදි වෙනත් ආර්ථික මධ්‍යස්ථාන හා සම්බන්ධ කර අලෙවි කරදීමට පියවර ගැනීමට නියමිත බව ද මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ කළමනාකරු ලසන්ත සංජීව මහතා පැවැසීය.
මේ අතර අද උදෑසන වාර්තා වූයේ වසා දැමීම ආසන්නයේ එහි ඉතිරිව තිබූ ආහාර තොග විශාල වැඩි මිල ගණන් යටතේ අලෙවි කළ බවයි.

Comments
Post a Comment
Your comment will be visible after approval