බාලවයස්කාර දැරියක දින දෙකක කාලයක් බලන්ගොඩ "හාගල" නමැති රක්ෂිතයේ වාඩියක රඳවාගෙන සිටි බව කියන තරුණයන් දෙදෙනකු 27 දා අත්අඩංගුවට ගෙන ඇතැයි සමනලවැව පොලිසිය පවසයි. දාහතර හැවිරිදි එම දැරිය රෝහලට ඇතුළත් කර ඇති බව ද පොලිසිය පැවැසීය. අවුරුදු 21 සහ 27 වයස්වල පසුවෙන තරුණයන් දෙදෙනකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
ඇයගේ අත්බෑගය වෙළෙඳසලක දී සොරකම් කරගෙන ගොස් ඇති බවට දැරියගේ මව විසින් පොලිසියට පැමිණිල්ලක් කර ඇත. මේ සම්බන්ධයෙන් පරික්ෂණ පැවැත්වූ පොලිසියට අනාවරණය වී ඇත්තේ තරුණයන් දෙදෙනා සමග මෙම දැරිය හාගල රක්ෂිතයේ වාඩියක දින දෙකක කාලයක් ගත කර ඇති බවත් එම වාඩියේදී මෙම අත් බෑගය සොරකම් කර ගෙන ගොස් ඇති බවත්ය.
බාල වයස්කාර දැරියක් රඳවාගෙන සිටීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගත් තරුණයන් දෙදෙනා බලන්ගොඩ මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි. සිද්ධිය සම්බන්ධයෙන් බලන්ගොඩ සමනලවැව පොලිසියේ ස්ථානාධිපති චින්තක විජේසිංහ මහතාගේ උපදෙස් පරිදි පරික්ෂණ පැවැත්වේ .

Comments
Post a Comment
Your comment will be visible after approval