ශ්‍රී ලංකා මහ බැංකුව සිය ලිහිල් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය නොවෙන පවත්වාගෙන යෑමට තීරණය කර ඇත. මේ අනුව දැනට තිබෙන බැංකු පොලී අනුපාත එම අගයවලම පවත්වාගෙන යෑමට පෙර්දා (21) රැස් වූ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ මේ වසරේ අවස්ථා පහකදී බැංකු පොලී අනුපාත අඩු කර ඇත. බැංකු පොලී අඩු කිරීම තුළින් වාණිජ බැංකු අතර කෙරන ගනුදෙනුවලට අදාළ පොලී අනුපාත පහළ වැටෙන බවත් එම නිසා අඩු පොලියට ණය නිකුත් කිරිමට වාණිජ බැංකුවලට අවස්ථාව සැලසෙන බවත් ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
මෙම වසරේ මේ දක්වා කාලයේදී පෙර නොවූ විරූ අයුරින් ක්‍රියාත්මක කරන ලද ලිහිල් මුදල් ප්‍රතිපත්තිය හේතුවෙන් සමස්ත වෙළෙඳපොළ ණය පොලී අනුපාතික පහළ ගොස් ඇතැයි ද ඉදිරියේදී ද පොලී අනුපාත පහළ යනු ඇතැයි ද
-හර්ෂණ තුෂාර සිල්වා-


