හැටන් නැෂනල් බැංකුවේ කොළඹ ටි.බී. ජයා මාවාත පිහිටි ප්‍රධාන කාර්යාලයේ සේවකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.
ප්‍රධාන කාර්යාලයේ දකුණු ගොඩනැගිල්ලේ 19 වන තට්ටුවේ සේවයේ නියුතු අයෙකු මෙලෙස කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.
එම කාර්යාලයේ සේවයේ නියුතු සියළු සේවක සේවිකාවන් ස්වයං නිරෝධායනට යොමු කොට ගොඩනැගිල්ල සම්පුර්ණයෙන් විෂබීජ හරණයට ලක් කිරිමට පියවර ගෙන ඇත.
දැනට එම ප්‍රධාන කාර්යාලයේ ප්‍රධාන බැංකු ශාඛාව සහ ඩිජිටල් ගණුදෙනු අංශය මහජන සේවාවන් සඳහා විවෘතව ඇති අතර අනෙකුත් මහල් සියල්ල තාවකාලිකව වසා දමා ඇත.
සෞඛ්‍ය බලධාරීන් ගේ උපදෙස් මත ඉදිරි කටයුතු සිදු කරන බවද නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

Comments
Post a Comment
Your comment will be visible after approval