දකුණු කොළඹ කළුබෝවිල ශික්ෂණ රෝහලේ උගුර, කන, නාසය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයකුට සහ ඔහුගේ ඉංජිනේරු පියාට කොවිඩ් වයිරසය ආසාදනය වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.මොවුන් දෙදෙනා ඉංගිරිය රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කළ
බව සෞඛ්‍ය අංශ වැඩිදුරටත් සඳහන් කරයි.  කොල්ලුපිටිය ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක ඉංජිනේරුවරයකු වශයෙන් සේවය කරන විශේෂඥ වෛද්‍යවරයාගේ පියාට මෙම වයිරසය මුලින්ම ආසාදනය වී ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක්  පැවසීය.

ඉන්පසු විශේෂඥ වෛද්‍යවරයාට ද වයිරසය ආසාදනය වී ඇති බව පොලීසිය කියයි. මොවුන් දෙදෙනා නිවෙස්වල නිරෝධායනය වෙමින් සිටියදී කරන ලද පී.සී.ආර්. පරීක්‍ෂණවලින් ඔවුන්ට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වූ බව එම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා කීවේය.

-ශ්‍රිනාත් ප්‍රසන්න ජයසූරිය-