
කොවිඩ් ආසාදිත ඉන්දියාවේ විශාකාපට්නම් හි සිට පැමිණි ඇඟළුම් නිලධාරීන් මිනුවන්ගොඩ කම්හලට පැමිණ සිදු කළ සේවකයින් පුහුණු කිරීමේ ක්‍රියාවලියක් නිසා වෛරසය පැතිර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක සිය ෆේස් බුක් ගිණුම ඔස්සේ හෙළිදරව්වක් කර තිබේ.
කොවිඩ් වැලැක්වීමේ මාර්ග උපදේශනවලට පටහැනිව කම්හල තුළ සිදුකර ඇති මෙම පුහුණු සැසිය ගැන ආයතනය සඟවන බවද ඔහු කියයි.
සැප්තැම්බර් 24 දා වනවිටත් සේවකයින් අතර කොවිඩ් රෝග ලක්ෂණ පැතිර යමින් තිබියදීත් ඇඟළුම් ඉලක්ක සපුරා ගැනීමට අදාල සමාගම ක්‍රියාකර ඇති බව පැහැදිලිවන අතර කිසිදු සෞඛ්‍ය බලධාරියෙක් මෙයට මැදිහත් වීමක්ද සිදුකර නොමැති බවද ඒ මහතා පවසයි.
එම සටහන පහතින්

Comments
Post a Comment
Your comment will be visible after approval