10.00pm
මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවය කළ තවත් 13 දෙනෙකු කොරෝනා ආසාදිතයින් ලෙස තහවුරු වී ඇති බව ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වාර්තා කරයි.
ඒ අනුව ඇඟලුම් කම්හල තුළින් පමණක් 101 ක් රෝගීන් වාර්තාවී ඇත.

බාහිර සමාජයේ කොරෝනා ආසාදනය වූ පොකුර 103 දක්වා ඉහළ ගොස් ඇත.
මෙරට කොරෝනා ආසාදිත මුළු සංඛ්‍යාව 3506 දක්වා ඉහළ ගොස් ඇත.

9.30pm
මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවය කළ තවත් දසදෙනෙකු කොරෝනා ආසාදිතයින් ලෙස තහවුරු වී ඇති බව යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කරනවා.
බාහිර සමාජයේ කොරෝනා ආසාදනය වූ පොකුර 90 දක්වා ඉහළ ගොස් ඇත.
මෙරට කොරෝනා ආසාදිත මුළු සංඛ්‍යාව 3493 දක්වා ඉහළ ගොස් ඇත.
7.56pm
මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කර්මාන්ත ශාලාවේ තවත් සේවකයින් 05 දෙනෙකුට කොරෝනා
ආසාදනය වී තිබෙන බව

අද සවස ලැබුණ වාර්තා වලින් තහවුරුවී ඇත.
මුලින් හමුවූ කාන්තාව හා දියණිය ,අද උදේ හමුවූ 69, කුරුණෑගල 02, මොණරාගල 01, යාපනය 01 හා දැන් වාර්තාවන 05 සමග බාහිර සමාජයේ කොරෝනා ආසාදනය වූ පොකුර 80 දක්වා ඉහළ ගොස් ඇත.

මෙරට කොරෝනා ආසාදිත මුළු සංඛ්‍යාව 3483 දක්වා ඉහළ ගොස් ඇත.