කළුතර නාගොඩ මහරෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද අලුයම පලාගොස් තිබූ කොරෝනා වෛරසය ආසාදිත යැයි සැක සහිත රෝගියා පැය 4 කට පසු මහ වස්කඩුව ප්‍රදේශයේදී සොයා ගැනීමට හැකි වූ බව කළුතර උතුර පොලිසිය කියයි.
රෝගී තත්ත්වයක් හේතුවෙන් ඊයේ 28 මෙම පුද්ගලයා නාගොඩ මහ රෝහලේ වාට්ටුවකට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර තිබුණි.
වයස අවුරුදු 38 වන එම පුද්ගලයා අද පෙරවරු 7.30 ට පමණ නාගොඩ රෝහලින් පලාවිත් මතුගම සිට කලුතර දක්වා ධාවනය වන බස් රථයකින් කළුතර නගරයට පැමිණ ඉන් අනතුරුව ගාල්ල සිට කොළඹ දක්වා ධාවනය වන බස් රථකින් වාඩියමංකඩ ප්‍රදේශයට පැමිණ නිවස කරා පාගමනින් යමින් සිටියදී ලද තොරතුරක් අනුව සොයා ගැනීමට හැකි වූ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.
අදාල සැක සහිත රෝගී පුද්ගලයා ගමන් ගත් බව කියන බස් රථ දෙක සොයා ගැනීම සඳහා විමර්ශන සිදුකරන බව කළුතර උතුරු පොලිසිය පැවසීය.රෝගියා තදින් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවෙකු බව පොලිසිය කියයි

Comments
Post a Comment
Your comment will be visible after approval