පන්නල ප්‍රදේශයේ ඇඳුම් කර්මාන්ත ශාලාවක සේවිකාවක් හදිසියේ රෝගාතුර වී මිය ගොස් ඇත.
ඇය හදිසියේ අසනීප වී දඹදෙණිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය මියගියේ යැයි පොලිසිය සඳහන් කරයි.
25 හැවිරිදි තරුණියක් මෙසේ මියගොස් ඇති අතර ඇය ගිරිඋල්ල බලගොල්ල ප්‍රදේශයේ පදිංචිකාරිනියකි.
පපුවේ අමාරුවක්, බඩේ අමාරුවක් සහ ක්ලාන්ත ගතියක් ඇතැයි පැවසූ නිසා පවුලේ අය ඇය දඹදෙණිය රෝහලට ඇතුළත් කර තිබේ.
එහි ප්‍රතිකාරවලට යොමු කරමින් සිටියදී ඇය මියගොස් ඇත.
එම තරුණියට කොරෝනා ආසාදනය වී ඇත්දැයි දැනගැනීම සඳහා පරීක්‍ෂණ සදහා යොමු කර ඇත.
පසුගිය 18 වැනි දා ද ඇය කොරෝනා පරීක්ෂණයකට ලක් කර ඇති අතර එහිදී හෙළි වී ඇත්තේ ඇය ආසාදිත නොවන බවයි.

Comments
Post a Comment
Your comment will be visible after approval