පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයෙන් හත් හැවිරිදි දරුවකු ඇතුළු පුද්ගලයන් 17දෙනෙකුට කෝවිඩ් -19 වෛරසය ආසාදිත වී ඇතැයි පිළියන්දල සෞඛ්‍ය නිලධාරි කාර්යාලය පවසයි.
ඊයේ 28 දිනට පමණක් මෙම කුඩා දරුවා ඇතුළු ආසාදිතයන් පස්දෙනකු වාර්තා වූ බව එම කාර්යාලය පවසයි.
හත් හැවිරිදි ආසාදිත දරුවාගේ පියා වවුනියාව ප්‍රදේශයේ කොන්ත්‍රාත් සමාගමක සේවකයකු වන බවත්, ඔහු කෝවිඩ් -19 ආසාදිත රෝගීයකු වීමෙන් අනතුරුව ඔහුගේ බිරිඳ ඇතුළු අනෙකුත් සාමාජිකයන් පී. සී. ආර්. පරීක්ෂණ සඳහා භාජනය කිරීමෙන් අනතුරුව මෙම දරුවාට පමණක් වෛරස ආසාදනය වී ඇති බවටද වාර්තාවලින් අනාවරණය වූ බවත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ප්‍රකාශකයෙකු පැවසීය.
- බිමල් ශ්‍යාමන් ජයසිංහ -

Comments
Post a Comment
Your comment will be visible after approval