නුගේගොඩ මිරිහාන පොලිස් බලප්‍රදේශයට අයත් වැල්සිරිපුර, රාහුලපුර , ප්‍රගතිපුර යන ප්‍රදේශ වහාම
ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කිරිමට පියවර ගෙන තිබෙන බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ
ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි.
මෙලෙස එම ප්‍රදේශයන් හුදෙකලා කිරීමට තීරණය කිරීමට පියවර ගෙන ඇත්තේ එම ප්‍රදේශ තුලින් කොවිඩ්
19 ආසාදනය වූ රෝගීන් 14 දෙනෙකු වාර්තා විම හේතුවෙනි.

