පෑලියගොඩ මත්ස්‍ය තොග වෙළෙඳ සංකීර්ණයේ සිද්ධියෙන් කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 132 දෙනකුට පසුගිය සතියක කාලයක් තුළ නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි ගොතටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ප්‍රකාශකයෙක් 28දා සඳහන් කළේය.
මේ වන විට අදාළ ප්‍රදේශවල තුන්සියයකට ආසන්න පිරිසක් නිරෝධායන කටයුතු සඳහා නිරෝධායන මධ්‍යස්ථානවලට යොමු කර ඇති අතර, 700ක පමණ පිරිසක් නිවෙස් නිරෝධායනය සඳහා යොමු කර ඇතැයි ද එම ප්‍රකාශකයා පැවසීය. කොරෝනා වයිරස් රෝග ලක්ෂණ පෙන්නුම් කරන 89 දෙනෙකුගේ පී.සී.ආර්. පරික්ෂාවක් 27දා යොමු කළ අතර එම පිරිසගේ වාර්තාව 29 රාත්‍රී ලැබීමට නියමිතව ඇතැයි ද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.
-නිමන්ති රණසිංහ-

Comments
Post a Comment
Your comment will be visible after approval