නළු ටොම් කෘෘස් සහ අධ්‍යක්ෂ ඩාග් ලිමාන්ගේ නාමයන්  2021 ඔක්තෝබර් මසයේදී අභ්‍යවකාශ ගුවන් ගමනක් සඳහා ලැයිස්තුගත කර ඇත. ඒ ඔවුන් මේ වන විට අභ්‍යවකාශයේ රූගත කිරීමට තීරණය කර ඇති චිත්‍රපටයක වැඩ කටයුතු සඳහා සහභාගී වීමටය.

ටොම් කෘෘස් සහ අධ්‍යක්ෂ ඩාග් ලිමාන් 2021 ඔක්තෝබර් මාසයේදී මෙසේ අභ්‍යවකාශයට යාමට සූදානමින් සිටින බව අභ්‍යවකාශ ෂටල් ඇල්මැනැක් විසින් පළ කරන ලද පින්තූර වලින් හෙළි වේ. කෙසේවෙතත් ටොම් සහ චිත්‍රපට නිෂ්පාදක ඩාග් මෑතකදී නිවේදනය කර තිබුණේ ඩොලර් මිලියන 200 ක චිත්‍රපටයක් අර්ධ වශයෙන් අභ්‍යවකාශයේ රූගත කිරීම සඳහා ඔවුන් වැඩ ආරම්භ කර ඇති බවයි.

අභ්‍යවකාශ ෂටල් ඇල්මැනැක් විසින් ට්විටර්හි පළ කරන ලද ඡායාරූපයත් සමඟම ඔවුන් අනාගත අභ්‍යවකාශ මෙහෙයුම් අනාවරණය කර ඇත. එහිදී 2021 ඔක්තෝබර් ලැයිස්තු සටහනට හුරුපුරුදු නම් කිහිපයක් අඩංගු වී තිබෙනු දැකිය හැකි වූ අතර SpaceX නියමු ලෝපෙස් ඇලෙග්‍රියා, ටොම් කෘෘස් සහ ඩාග් ලිමාන් එම නම් අතර වේ.

කෙනසේවෙතත් මෙය මූලික ගුවන් ගමනක් ද, නැතහොත් චිත්‍රපටය වෙනුවන් සලකාබලනු ලබන සැලැස්මක්ද යන්න තවමත් පැහැදිලි නැත. මීට පෙර කෘෘස් සහ ලිමාන් එක්ව Edge of Tomorrow සහ American Made යන චිත්‍රපටවලද වැඩකටයුතු සිදුකර තිබේ.

කෘෘස් මෑතකදී හත්වන මිෂන් ඉම්පොසිබල් චිත්‍රපටයේ රූගත කිරීම් නැවත ආරම්භ කරන ලද අතර එය කොරෝනා වසංගතය හේතුවෙන් ප්‍රමාද විය. කෙසේවෙතත් ඔහු දායකත්වය සැපයූ Top Gun: Maverick චිත්‍රපටයද ඉදිරියේදී ප්‍රේක්ෂකයන් වෙත එළි දැක්වීමට නියමිතය.
Rishmi Ishara