දරුණුතම ගණයේ අපරාධකරුවන් 40ක් බූස්ස බන්ධනාගාරයේ ආරම්භ කළ උපවාසය අද (11) උදෑසන
වනවිට වෙනස්වී ඇති බව

බන්ධනාගාර ආරංචි හෙළි කරයි. ඒ අනුව  උපවාසය 10 දෙනෙකු අත හැර ඇති අතර දරුණු අපරාධකරුවන් අතුරින් දැන් උපවාසය කරන්නන් ලෙස ඉතිරිව ඇත්තේ කොස්ගොඩ තාරක සහ පොඩි ලැසී පමණි. කංජිපානි ඉම්රාන්, වෙලේ සුදා ඇතුළු අපරාධකරුවන් දස දෙනකු අද උදෑසන ආහාර ලබා ගෙන ඇති අතර “පොට්ට නවුෆර්“, “කැවුමා“, “ආමි සම්පත්“ ඇතුළු රැඳවියන් 06 දෙනෙකු මුල සිට වර්ජනයට සහය දක්වා නොමැති වූ බවද වාර්තාවී තිබුණි.
 අමුත්තන් සීමා කිරීම සහ දුරකථන ඇමතුම් ලබා ගැනීමේ පහසුකම් නැවැත්වීම මෙම ආහාර වර්ජනයට හේතුවී තිබුණි.