ප්‍රවීණ බොලිවුඩ් සහ රූපවාහිනී තාරකාවක වන සුරේකා සික්රි අඟහරුවාදා දින මොළයේ හදිසි ආබාධිත තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කෙරුණි. ඇගේ නියෝජිතවරයෙක් පවසා ඇත්තේ ඇය මේ වන විට දැඩි සත්කාර ඒකකය තුළ ප්‍රතිකාර ලබමින් සිටින බවයි.



මෙම ප්‍රවීණ රංගන ශිල්පිනිය 75 වැනි වියෙහි පසුවන අතර ඇගේ වෘත්තීය ජීවිතය තුළ ඇය ජාතික සිනමා සම්මාන තුනකට හිමිකම් කියනු ලබයි. එමෙන්ම හොඳම සහය නිළිය සඳහා වූ ජාතික චිත්‍රපට සම්මානයක්ද ඇය විසින් දිනා ඇත.

මීට අමතරව සික්රි චිත්‍රපට හා නාට්‍ය බොහොමයක් සඳහා දායක වී ඇති අතර “Tamas”, “Mammo”, “Salim Langde Pe Mat Ro”, “Zubeidaa”ආදීහි නිරූපණය කල රංගන කුසලතා හේතුවෙන් දැඩි ප්‍රසංසාවට ලක්විය. කෙසේනමුත් සික්රි අවසන් වරට රඟපානු ලැබුවේ සෝයා අක්තාර් විසින් අධ්‍යක්ෂණය කරන ලද නෙට්ෆ්ලික්ස් හි “Ghost Stories”චිත්‍රපටයෙහිය.

කෙසේවෙතත් රෝගී තත්ත්වය හේතුවෙන් ඇගේ ප්‍රේක්ෂකයින් ඇයට ඉක්මන් සුව පතමින් ආශිර්වාද කර ඇත.

රිෂ්මි ඉෂාරා