
බගවන්තලාව ප්‍රදේශයේ දමිල පාසලක 5 ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන අවු 10 හැවිරිදි පාසල් සිසුන් දෙදෙනෙකු අතර ඇති වු ගැටුමක් සම්බන්ධයෙන් උරන වු පහර කැමට ලක්වූවේ යැයි කියන සිසුවාගේ පියා විසින් පහර දුන්නේ යැයි කියන සිසුවාගේ නිවසට ගොස් ඊයේ (11) රාත්‍රියේ මෙම පහර දිම සිදු කර ඇති බවයි පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියේ.
පාසල තුලදි පාසල් සිසුන් දෙදෙනා අතර ඇති වු ගැටුම සම්බන්ධයෙන් එම පාසලේ විදුහල්පතිවරයා සහ අචාර්යය මණ්ඩලයද ගැටුමට සම්බන්ධ පාසල් සිසුන් දෙදෙනාට දැඩි ලෙස අවවාද කර හැරිමෙන් පසුවයි සැකකරු විසින් පාසල් සිසුවාගේ නිවසට පැමිණ මෙසේ පහර දි උස්සා පොලවේ ගසා ඇත්තේ.
බගවන්තලාව පොලිසියට ලද පැමිණිල්ලක් මත සැකකරු අත්අඩංගුවට ගත් බවත් , අත්අඩංගුවට ගත් සැකකරු හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරන බවයි බගවන්තලාව පොලිසියේ ස්ථානාධිපතිවරයා කියා සිටියේ.
හැටන් රංජිත් රාජපක්ෂ
