Sadak 2 චිත්‍රපටය නිකුත් වීමට දින කිහිපයකට පෙර සංජේ දත් විසින් සමාජ මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා ඇත්තේ තමන් හට පෙනහළු පිළිකාවක් ඇති බව දැනගන්නට ලැබුණු බවත්, ඊට ලබාගන්නා වෛද්‍ය ප්‍රතිකාර හේතුවෙන් තමන් චිත්‍රපටවලින් විවේකයක් ගන්නා බවත්ය. ඉන් අනතුරුව ඔහු මුම්බායි රෝහලක
ප්‍රතිකාර ආරම්භ කළ අතර පළමු වටයේ ප්‍රතිකාර ලබා දීමෙන් පසු නැවත සේවයට පැමිණ ඇත. මෙම සිදුවීමෙන් අනතුරුව ඔහුගේ  භාර්යාව වන මානායාතා දත් සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුම හරහා විශේෂ දිරිගැන්වීමේ පෝස්ටුවක් බෙදාහදාගෙන තිබුණි. එහි ශීර්ෂපාඨයෙහි ඇය “Fear has two meanings: Forget Everything And Run or Face Everything And Rise....the choice is yours! #fightyourfears #riseandshine #selfbelief #throwback #love #grace #positivity #dutts #challenging yet #beautifullife #thankyougod…” යනුවෙන් සඳහන් කර තිබුණි.

කෙසේවෙතත් එහි අතීත මතකයන් සහිත ඡායාරූප ද පලකළ ඇය තම ස්වාමි පුරුෂයාට  ඉක්මන් සුවය පතා සුබ පැතුම් එක් කළ සැමට ස්තූතිවන්ත වන බවත් මෙම අදියර ජය ගැනීම සඳහා අපට සියලු ශක්තීන් සහ යාඥා කිරීම් අවශ්‍යවන බවත් පවසා තිබුණි. පසුගිය වසර වලද බොහෝ ගැටළු වලට සාර්ථකව මුහුණ දුන් අයුරින්ම මෙයටද සාර්ථකව මුහුණ දිය හැකි යැයි ඇය විශ්වාස කරන බවද එහි සඳහන් කර ඇත.

එමෙන්ම ප්‍රතිකාර සඳහා සංජේ දත් සහ පවුලේ අය ඇමරිකා එක්සත් ජනපදයට යන බවට වාර්තා පළ වුව ද එම ඕනෑම සංචාරක සැලැස්ම තීරණය කරනු ලබන්නේ ඔහුගේ සෞඛ්‍ය තත්ත්වයේ වර්ධනයන් අනුව පමණක් බව ද ඇය පවසා තිබේ. සංජේ දත් අවසන් වරට මහේෂ් භට්ගේ Sadak 2  චිත්‍රපටයේ ආලියා භාත්, ආදිත්‍ය රෝයි කපූර් සහ පූජා භාත් සමඟ රූගත කිරීම් සිදුකර ඇත.
රිෂ්මි ඉෂාරා