ප්ලාස්ටික්වලින් නිපදවන ලද කෘත්‍රිම බිත්තර යොදා කෙටි කෑම පිළියෙල කළ වවුනියාව නගරයේ පිහිටි හෝටලයක් නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු විසින් 9 වැනිදා වටලා එහි හිමිකරුට එරෙහිව නීති මඟින් කටයුතු කොට තිබේ.
මෙම හෝටලයෙන් බිත්තර රෝල්ස් ඇණවුම් කොට එය ආහාරයට ගත් පාරිභෝගිකයකුට ඊට දමා ඇති බිත්තර රසය පිළිබඳව සැකයක් මතු වී
නමුත් ඔහු ඒ පිළිබඳව කිසිදු සැලකිල්ලක් නොදැක්වීම නිසා පාරිභෝගිකයා මේ සම්බන්ධයෙන් වවුනියාව නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට දැනුම් දී තිබේ.
වහාම මේ හෝටලයට පැමිණි සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් හෝටලය පරික්ෂා කිරීමේදී ආහාරවලට යොදා ඇත්තේ කෘත්‍රිම බිත්තර බව හෙළි වී තිබේ.
මේ දිනවල බිත්තර මිල ගණන් අධික නිසා හෝටල් හිමියා මෙම ක්‍රියාව සිදුකරන්නට ඇතැයි විශ්වාස කරන අතර ඔහුට එරෙහිව නීති මඟින් කටයුතු කිරීමට පියවර ගෙන තිබේ.
රසාදි චතුරංගි ගමගේ - තාරක සම්මාන්

Comments
Post a Comment
Your comment will be visible after approval