ඉන්දීය සුපිරි  නළු ෂාරුක් ඛාන් ජෝන් ඒබ්‍රහම් සමඟ ක්‍රියාදාම ත්‍රාසජනක චිත්‍රපටයක් වන පතාන් (Pathan) සමඟ එක්වීමට  බලාපොරොත්තුවෙන් සිටියි. සිද්ධාර්ත් ආනන්ද් විසින් මෙහෙයවන ලද යෂ් රාජ්ගේ
නිෂ්පාදනයක් වන මෙය මේ නළුවන් දෙදෙනා සිනමා තිරය මත මුහුණට මුහුණ එක්ව කටයුතු කරන සුවිශේෂී අවස්ථාවක් බවද ඔවුන්ගේ නිෂ්පාදන ආයතනයේ 50 වන සංවත්සරය සැමරීමේදී චිත්‍රපටය පිළිබඳව මෙසේ අදහස් දක්වා ඇති බවද විදෙස් මාධ්‍ය සඳහන් කරයි .


නළුවන් දෙදෙනාම නව කොරෝනා වසංගතයෙන් පසු සිය රඟදැක්වීම්වල නිරත වන පළමු අවස්ථාව මෙය යැයි කියවේ. 2021 වසරේ මුල් භාගයේදී මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වනු ඇති බවද ආරංචි මාර්ග සඳහන් කරයි. මෙහිදී ෂාරුක් ඛාන් මෙන්ම ජෝන් ඒබ්‍රහම් ඉතා දක්ෂ අයුරින් නිර්මාණය සාර්ථක කරගැනීමට දායක වනු ඇතැයි එහි  අධ්‍යක්ෂක මණ්ඩලය ඇතුලු සියලු දෙනා බලාපොරොත්තුවෙන් සිටියි.

ෂාරුක් ඛාන් නිරන්තරයෙන් සම-රංගන ශිල්පී දීපිකා පදුකෝන් සමඟ රඟ දැක්වීම් සිදුකර ඇත. මෙම නව චිත්‍රපටය හරහා යළිත් ඔවුන් දෙදෙනා තිරය මත එක්වීමට සූදානම් බව ආරංචි මාර්ග සඳහන් කරයි. කෙසේවෙතත් ෆිල්ම් ෆෙයාර්හි වාර්තාවක් සනිටුහන් කිරීම සඳහාද මෙම යුවළ ඉතා සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම් වන බවත් මෙම චිත්‍රපටය සමස්තයක් වශයෙන් වාණිජමය විනෝදාස්වාදයක් ලබා දෙනු ඇතැයි ඔවුන් අපේක්ෂාවෙන් සිටින බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

2007 බ්ලොක්බස්ටර් චිත්‍රපටයක් වූ ඕම් ශාන්ති ඕම් චිත්‍රපටය හරහා දීපිකා බොලිවුඩ් සිනමාවට ෂාරුක් සමඟ ප්‍රථම වතාවට එක්විය. පසුව 2013 දී චෙන්නායි එක්ස්ප්‍රස් සහ 2014 දී හැපි නිව්යර් යන බ්ලොක්බස්ටර් ව්‍යාපෘති සඳහා එක් වූ ඔවුන් දෙදෙනා මෙම නව චිත්‍රපටය හරහා යළිත් එක්වීමට සූදානම්ය.
රිෂ්මි ඉෂාරා