පසුගිය සඳුදා සිට ක්‍රියාත්මකවීම ඇරඹී මංතීරු නීතිය සම්බන්දයෙන් දැනුවත් කිරීමට 'නිවැරදි මංතීරුව
අනුගමනය කරන්නැ'යි පුවරු අල්ලාගෙන පොලිස් කාන්තාවන් යොදා තිබූ අතර දින 2 ක ඇවෑමෙන් එහි වෙනසක් සිදු කර ඇත.
බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් රථවාහන කොට්ඨාසයේ නිලධාරීන් වෙත දැන්වූ පරිදි මංතීරු නීති පිළිබඳ දැනුවත් කෙරෙන පුවරු මාර්ගවල ප‍්‍රදර්ශනය කළ පොලිස් කාන්තාවන් එම රාජකාරියෙන් ඉවත් කිරීමට තීරණය කර ඇතැයි වාර්තා විය.

ඡායාරූපය - අකිල ජයවර්ධන