කෙසෙල්වත්තේ දිනුක නමැති සංවිධානාත්මක අපරාධකරුගේ සමීපතමයෙකු මත්ද්‍රව්‍ය සමඟ එඩේරමුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුණා.



පොලිස් විශේෂ කාර්ය බලකායට ලැබුණු තොරතුරකට අනුව කළ වැටලීමකදී කෙසෙල්වත්තේ කසුන් නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා මීට පෙර අත්අඩංගුවට ගත්තා. ඔහු කෙසෙල්වත්තේ දිනුකගේ සමීපතමයෙකු බවයි වාර්තා වන්නේ. කසුන් නමැත්තා සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 6 ක් මෙන්ම තියුණු ආයුධ කිහිපයක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

සැකකරුගේ බැංකු ගිණුම්වල රුපියල් මිලියන 183 කට අධික මුදලක් සංසරණය වී ඇති බව සිදු කළ මූලික විමර්ශනවලදී හෙළි වුණා. මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් මුදල්වලින් මිලදී ගෙන ඇති ලොරි රථයක් ද නවීන යතුරු පැදි 3 ක් ද සොයා ගත්තා.