කන්ගනා රනාත් සිය ට්විටර් ගිණුමෙහි මෑත පළ වූ ලිපියක ඇගේ ගෙලෙහි ඇති පච්චය පිළිබඳව විස්තරයක් සඳහන් කර තිබුණි. ඇය ඉතා දීර්ඝ කාලයක සිටම සමාජ මාධ්‍ය ඔස්සේ ඇගේ පෞද්ගලික ජීවිතය පිළිබඳ
සිත්ගන්නා සුළු තොරතුරු බෙදාහදා ගන්නා රංගන ශිල්පිනියකි.

රනාත් බොහෝ කාලයකට පෙර ඇගේ ගෙල මත පියාපත් දෙකක් නිරූපණය කෙරෙන පච්චයක් ඇඳ තිබූ නමුත් ඇය පවසන පරිදි එහි කිසිඳු තේරුමක් තිබී නැත. නමුත් වසර ගණනාවක් ගත වීමෙන් පසු ඇය එම පච්චය වෙනස් කිරීමට තීරණය කර තිබුණි. පසුව ඇය පෙර තිබූ සිතුවමට ඔටුන්නක් එකතු කළද එතුළින්ද තෘප්තිමත් නොවූ බව ඇය පවසයි. එබැවින් අවසානයේ කඩුවක්ද එතුළ නිරූපණය කිරීමට ඇය පියවර ගෙන තිබේ. එමෙන්ම මේ පිළිබඳව අදහස් දැක්වීමේදී වේදනාවකින් පසු හොඳ යමක් ලබා ගැනීමට හැකියාව ලැබෙන බවද ඇය සඳහන් කර තිබේ.

කන්ගනා සමාජ මාධ්‍ය හරහා නිතරම සිය රසිකයින්ගේ විනෝදාස්වාදය වෙනුවෙන් කටයුතු කරන්නයකි. ඇය නැවතත් නිර්මාණ කිහිපයක් හරහා සිනමා තිරයට නැවත අවතීර්ණ වීමටටද මේ දින වල සූදානමින් සිටියි. මේ වසරේ මාර්තු මාසයේදී ද අගුලු දැමීමේ කාල සීමාව තුළ ඇය ‘Thalaivi’ චිත්‍රපටයේ රූගත කිරීම්වල යෙදී සිට ඇත. කෙසේ වෙතත්, කන්ගනා ජයලලිතා චරිතාපදානය මෙන්ම ‘Tejas’ චිත්‍රපටයේ රූගත කිරීම් දෙසැම්බර් මාසයේ සිට ආරම්භ කරනු ඇත.

රිෂ්මි ඉෂාරා