සිය 60 වැනි උපන්දිනය දා හොලිවුඩ් සිනමා නළු ඇන්තෝනියෝ බන්ඩේරාස් කොවිඩ් 19 ට ධනාත්මක වේ



හොලිවුඩ් සිනමා නළු ඇන්තෝනියෝ බන්ඩේරාස් යනු අප කවුරුත් දන්නා හොලිවුඩයේ ඉතා ප්‍රසිද්ධ චරිතයකි. පසුගිය දිනෙක ඔහු සිය 60 වැනි උපන්දිනය සමරන්නට

සූදානමින් සිටියදී කිසිවෙක් නොසිතූ සිදුවීමකට මුහුණ දීමට ඔහුට සිදුවිය. උපන්දිනය යෙදී තිබූ දිනම ඔහුට කොවිඩ් 19 වෙරසය ආසාදනය වී ඇති බවට අනාවරණය වීමත් සමඟ ඉතා ඉක්මණින් ප්‍රතිකාර සඳහා යොමු වීමට ඔහුට සිදු විය.

මේ වන විටත් ඔහු පූර්ණ ප්‍රතිකාර ලබමින් සිටින අතර ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය තවමත් යහපත් මට්ටමක පවතින බව ඇමෙරිකානු වෛද්‍යවරුන් පිරිසක් විසින් දැනුම් දී තිබේ.

"ද මාක් ඔෆ් ද සෝරෝ" චිත්‍රපටයේ "සෝරෝ" ලෙස රඟපෑම් කළ මේ රංගන ශිල්පියාට ඉක්මන් සුවය පතා බොහෝ දෙනෙක් මේ වන විටත් සමාජ මාධ්‍ය ඔස්සේ සිය  ප්‍රාර්ථනාවන් ඉදිරිපත් කර ඇති අයුරුද දක්නට ඇත.
රිෂ්මි ඉෂාරා