ශ්‍රීමත් ඩේවිඩ් ඇටෙන්බරෝ දශක ගණනාවක පටන්ම රාජකීය පවුලේ සමීප මිතුරෙකි. ඔහු රජපවුල හමුවූ අවස්ථාවක

පසුගියදා විලියම් කුමරු සහ කේට් මිඩ්ල්ටන් ඇතුළු සමස්ත කේම්බ්‍රිජ් කාර්ය මණ්ඩලයේ සියලු දෙනාම නිල් පැහැයට හුරු වස්ත්‍රයන්ගෙන් සැරසී සිටි   නව ඡායාරූපයක් රූපවාහිනී විකාශකයන් සහ පරිසරවේදීන් සමඟ බෙදාගෙන තිබුණි.


කෙන්සිංටන් මාළිගාවට අනුව, මෙම ඡායාරූපයන් මේ සතිය මුලදී එම මාලිගයේ පිහිටි උද්‍යානයේදී ගන්නා ලදී. මෙහි සිටින  ශ්‍රීමත් ඩේවිඩ් ඇටෙන්බරෝගේ නිර්මාණයක් වූ ඉදිරියේදී නෙට්ෆ්ලික්ස්හි තිරගත වීමට ඇති වාර්තා චිත්‍රපටයක් වන" A Life On Our Planet,’චිත්‍රපටයද ඔක්තෝම්බර් 4 වන දින එළිදැක්වීමට නියමිතව තිබේ.

කණ්ඩායම් ඡායාරූපයට අමතරව, විලියම් කුමරු සහ ඔහුගේ පුතුන් දෙදෙනා වන ජෝර්ජ් කුමරු සහ ලුවී කුමරුන් සිටින දුර්ලභ ඡායාරූපයක්ද මොවුන් බෙදාගෙන තිබුණි. චාලට් කුමරියට ශ්‍රීමත් ඩේවිඩ් ඔවුන් පටුපස නිරන්තරයෙන් සිටීම විශාල සතුටක් බව ඡායාරූපයෙන් හෙළි වේ. නමුත් ඔහු සැබවින්ම පැමිණ ඇත්තේ ඇගේ වැඩිමහල් සහෝදරයා වන ජෝර්ජ් කුමරුට තෑග්ගක් ලබාදීම සඳහායි.
ශ්‍රීමත් ඩේවිඩ් විසින් ජෝර්ජ් කුමරුට මෙසේ ලබා දී ඇත්තේ යෝධ මෝරෙකුගේ දතකි. එහි විද්‍යාත්මක නාමය carcharocles megalodon ය.
ඩේවිඩ් 1960 දශකයේ අගභාගයේදී සිය පවුලේ පිරිස සමඟ නිවාඩුවක් සඳහා මෝල්ටාවට ගිය අවස්ථාවකදී මෙම දත සොයාගෙන තිබේ. මෙය මීට වසර මිලියන 23 කට පමණ පෙර මයෝසීන් යුගයේදී තිබූ මෘදු කහ හුණුගල් වල තැන්පත්ව තිබී ඇති අතර අද ජීවතුන් අතර සිටින විශාලතම මෝරාගේ දත් මෙන් දෙගුණයක් මෙය දිග බවද ඔවුන් පවසයි.