ප්‍රවීණ රංගන ශිල්පී රිෂි කපූර් මේ වසරේ අප්‍රේල් 30 වන දින අභාවප්‍රාප්ත විය. ඔහුගේ අභාවය පවුලේ හිතවතුන්ට පමණක් නොව ඉන්දීය සිනමා කර්මාන්තයටද විශාල පාඩුවකි. අද ඔහුගේ ජන්ම සංවත්සරය
නිමිත්තෙන් දියණිය වන රිදීමා කපූර් විසින් අපූරු ඡායාරූප කිහිපයක් බෙදාහදා ගනිමින් සංවේදී පණිවිඩයක් සටහන් කර තිබුණි.

එම ඡායාරූප සමඟ සෑම දිනකම තම පියාව තමන්ට හා පවුලට මඟ හැරී ඇති බවත් සැමවිටම ඔහුට ආදරය කරන බවත් ඇය සඳහන් කර තිබුණි. එමෙන්ම තම පියා බිඳුණු හදවත තුළ සැමදා සිටින බවද ඇය එහි සඳහන් කර තිබුණි. එමෙන්ම සෑම දිනකම තම පියා නොමැතිව පාලු බවක් දැනෙන බව පවසන රිදීමා පණිවිඩය අවසානයේ සුභ උපන්දිනයක් යනුවෙන්ද සටහන් කර ඇත.

ඇය විසින් බෙදාහදාගත් මෙම ඡායාරූපවල රිෂි කපූර්, නීතු කපූර්, රිද්මා, රන්බීර් කපූර් සහ සමාරාද දක්නට ඇත. ඇගේ ළමා කළ ඡායාරූප වල සිට නිව්යෝක්හි ගෙවූ ජීවිතය දක්වා වූ මතකයන් මෙම ඡායාරූප පෙළ තුළින් රිදීමා නිරූපණය කර තිබුණි. ඇගේ මෙම උපන්දින සුභ පැතුමට ඉන්දීය  සිනමා තරු මෙන්ම තවත් බොහෝ දෙනෙක් සිය අදහස් ඉදිරිපත් කර තිබුණි.
Rishmi Ishara