ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විදේශ වෛද්‍ය උපාධිධාරීන් වෙනුවෙන් පවත්වන සුදුසුකම් පරීක්ෂා කිරීමේ විභාගය (ඊ.පී.ආර්.එම්.) වසරක පමණ කාලයක් තිස්සේ පෙවත්වා නැතැයි එම උපාධිධාරීහු පවසති.



ශ්‍රී ලංකා වෛද්‍ය සභාව එම විභාගය නොපැවැත්වීම නිසා විදේශ වෛද්‍ය උපාධිය ලබාගත් දහසකට පමණ නිකරුණේ කාලය ගතකිරීමට සිදුව ඇතැයිද ඔවුහු කියති.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාව පිළිගත් හා අනුමැතිය ලබාදී තිබූ විදේශ වෛද්‍ය පීඨවලින් තමන් උපාධිය ලබාගත් බවද එලෙස අනුමැතිය ලබාදී පසුව විභාග නොපැවැත්වීම තමන්ට කරන දැඩි අසාධාරණයක් බවද විදෙස් වෛද්‍ය උපාධිධාරිහු පවසති.

විදේශ වෛද්‍ය උපාධිධාරී සුදුසුකම් පරික්ෂා කිරීමේ විහාගය වසරකට තෙවරක් පැවැත්විය යුතු බව ද සඳහන් වේ.

- රංජන් කස්තුරි -