
නවතම වාර්තා වලට අනුව මේ වන විට දෛනික කෝවිඩ් ආසාදිතයන් වැඩි වශයෙන් වාර්තා වන ප්‍රබලම රටක් ලෙස ඉන්දියාව නම් කර ඇත. මේ හේතුවෙන් චීන අධ්‍යාපන අමාත්‍යංශය බීජිංහි ඉන්දීය තානාපති
කාර්යාලයට පවසා ඇත්තේ කිසිඳු විදේශීය සිසුවෙකුට තම රට තුළට ඇතුළු විය නොහැකි බවත් ඉන්දීය සිසුන් හට නැවත පැමිණීම සඳහා තවමත් කිසිඳු කාලරාමුවක් සකස් කර නොමැති බවත්ය.
ගෝලීය කෝවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් චීනයේ ඉගෙනුම ලබන ඉන්දියානු සිසුන් ඇතුළු විදේශීය සිසුන් හට නැවත පැමිණීමට ඉඩ නොදෙන බව එරට රජය දැනුම් දී ඇති නමුත් සිසුන්ට විශ්ව විද්‍යාල සමඟ සම්බන්ධ වීමට අවශ්‍ය උපදෙස් ඔවුන් විසින් ලබා දී ඇත.
චීනයට ඇතුළුවීම හා පිටවීම පිළිබඳ අදාළ ප්‍රතිපත්ති ක්‍රමිකව තවමත් සකස් වෙමින් පවතින හෙයින්, ඉන්දියානු සිසුන් අදාළ චීන විද්‍යාල හා විශ්ව විද්‍යාල සමඟ යෝග්‍ය සම්බන්ධතා පවත්වමින් තම අධ්‍යයන කටයුතු කළ යුතු යැයි චීන රජය යෝජනා කර ඇත.
කෙසේවෙතත් ආරංචි මාර්ග සඳහන් කරන්නේ 2021 මුල් භාගය දක්වා පවතින වත්මන් අධ්‍යයන වාරය සඳහා ඉන්දියාවේ ඇතුළු අනෙකුත් සිසුන්ට නැවත චීනයට පැමිණීමට අවස්ථාවක් නොදෙනු ඇති බවයි. ඉන්දියාවේ වත්මන් වාතාවරණය හේතුවෙන් සිසුන් හරහා නැවතත් චීනයට වෛරසයට ගොදුරු වීමට ඉඩ ඇතැයි ඔවුන් විශ්වාස කරන බැවින් මෙම තීරණය ගෙන ඇත.
විවිධාකාරයේ කාණ්ඩ කිරීම් මත නව වීසා බලපත්‍රයන් සමඟ චීනයට ඇතුළු විය හැකි නමුත් චීන රජය විදේශීය සිසුන්ව මෙම කිසිඳු කාණ්ඩයකට ඇතුළත් කර නොමැත.
කෙසේවෙතත් නැවත පැමිණෙන සිසුන් සඳහා අනිවාර්ය සෞඛ්‍ය පරීක්ෂණ සිදුකෙරෙන අතර දැඩි වසංගත විරෝධී නීති යටතේ චීනය පසුගිය මාසයේ අග භාගයේ සිට විද්‍යාල හා විශ්ව විද්‍යාල නැවත විවෘත කිරීමට ඉඩ ලබා දෙන ලදි. නමුත් දැන් නැවතත් විශ්ව විද්‍යාල වෙත යාමට අවසර දී ඇත්තේ ගෘහස්ථව රැඳී සිටින සිසුන්ට පමණි.
වෛද්‍ය විද්‍යාල කිහිපයක අවසන් වසරේ සිසුන්ට තම රෝහල් සීමාවාසික පුහුණුව වසරකින් කල් දැමීමට අවස්ථාව ලබා දී තිබීම යම් සහනයක් වුවත් බොහෝ ඉන්දීය සිසුන් සිය ඉන්දියානු තානාපති කාර්යාලයට පෙත්සම් ඉදිරිපත් කරමින් පවසා ඇත්තේ චීන බලධාරීන් සමඟ නැවත විශ්ව විද්‍යාල ආරම්භ කිරීමට අවසර ලබාදීම සම්බන්ධයෙන් සාකච්ඡා කරන ලෙසයි. කෙසේ වෙතත්, විදේශීය සිසුන්ට නැවත පැමිණීමට ඉඩ දීමේ අභිමතය මුළුමනින්ම චීන රජය සතුය.
රිෂ්මි ඉෂාරා