
2019 ඔක්තෝබර් මස සිට අක්‍රීයව පවතින ලංකා විදුලිබල මණ්ඩලයේ හිමිකාරීත්වය යටතේ පවතින කැළණිතිස්ස සංයුක්ත චක්‍රීය විදුලි බලාගාරයේ ජනන කටයුතු ඉදිරි සති කිහිපය තුළ සක්‍රීයකර, නැවතත් ජාතික පද්ධතියට දෛනිකව මෙගාවොට් 165 ක් බැගින් එක්කිරීමේ කටයුතු කඩිනම් කරන්නැයි විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අදාළ අංශ වෙත උපදෙස් ලබා දෙයි.
අමාත්‍යවරයා මෙම අදහස් පළකලේ, ඊයේ (15) පස්වරුවේ කැළණිතිස්ස විදුලි බලාගාරයේ වර්තමාන තත්ත්වය නිරීක්ෂණය කිරිම සඳහා පැවති චාරිකාවකට සහභාගි වෙමිනි.
තවද වරින්වර මෙසේ යාන්ත්‍රික දෝෂයන්ට ලක්වන විදුලි බලාගාර අළුත්වැඩියාව වෙනුවෙන්, මේ වනවිට සාම්ප්‍රදායිකව අනුගමනය කරනු ලබන ක්‍රියාමාර්ග තුලින් සිදුවන ප්‍රමාදදෝෂයන් අවම කරගැනීමට යම් දීර්ඝකාලීන සැලසුමක් සකස් කළයුතු බවත්, අවදානමට පෙර සූදානම සුදුසු බැවින්, ජාතික විදුලි පද්ධතිය සමතුලිතකරණය වෙනුවෙන් කැළණිතිස්ස වැනි බලාගාර නිරන්තරයෙන් දෝෂ රහිතව ක්‍රියාත්මක තලයේ පවත්වාගැනීම වැදගත් බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
අතිගරු ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රකාරව හරිත හා පුනර්ජනනීය බලශක්ති දායකත්වය 70% ක් දක්වා වර්ධනය කළයුතු බවත්, එම ඉලක්කය කරා විදුලිබල ක්ෂේත්‍රය ගෙනයාමේ භාරධුර කර්තව්‍ය සාක්ෂාත් කරගැනීම වෙනුවෙන් ඇපැකැපවී කටයුතු කළයුතු බවත් මෙහිදී විෂයබාර අමාත්‍ය අලහප්පෙරුම මහතා අවධාරණය කළේය.
