පසුගිය ජූනි මාසයේදී මුල්ම වරට ප්‍රධාන ග්‍රහලෝකයක් වන අඟහරු මතට මිනිස් අතින් නිපද වූ යානා 3ක් යවන ලදි. මෙය ලෝක ඉතිහාසයේ ඉතා වැදගත් සිදුවීමකි. මිනිසා හඳට පිටත්ව ගිය මාසය වන්නේද ජූලි මාසයයි. එබැවින් මෙම සිදුවීමත් සමඟ ජූලි මාසය යනු මිනිසාට අතිශයින් වැදගත් වන මාසයක් බව කිව හැකිය.

අඟහරු වෙත ගිය මෙම යානය මහපොළොවේ කලාප 3කට අයත් ජනතාව නියෝජනය කරන බවද මාධ්‍ය වාර්තා සඳහන් කරයි. එමෙන්ම අඟහරු කරා අරාබිකරයෙන් මුල්ම වතාවට යානයක් පිටත් වී ඇත්තේද මෙම පසුගිය ජූලි මාසයේදීය.

මෙම අඟහරු ග්‍රහයා 'රතු ග්‍රහයා' නමින්ද හඳුන්වන අතර මෙම ග්‍රහයා වෙත ලඟාවීමට ලොව ප්‍රබල රටවල් කිහිපයක්ම උත්සහ කළ බව නොරහසකි.
කෙසේවෙතත් එම උත්සහයන්හි ප්‍රතිපලයක් ලෙස මේ වන විට මිනිස් අතින් නිපද වූ යානා 3ක් අඟහරු වෙත ගොස් අවසන්ය.

මෙම අවස්ථාවේ ආසියානු කලාපය නියෝජනය කරමින් චීනය  “Tianwen-1” නම් අභ්‍යවකාශ පරීක්ෂක යානාව පිටත් කර යැවූ අතර අමෙරිකාව ඇතුළු යුරෝපා රාජ්‍යයන් නියෝජනය කරමින් "Perseverance" නමැති රොබෝ ක්‍රියාකාරී පරීක්ෂක යානය පිටත් කරන ලදි. මෙම යානාව අඟහරු වෙතින් මහපොළොවට කඩා වැටුණු උල්කාපාතයක කොටසක් ඒ වෙත රැගෙන ගොස් එහි නැවත තැන්පත් කර
ඒ බරට සරිලන අඟහරු පාෂාණ කොටසක් නැවතත් මෙම ග්‍රහලෝකය වෙත රැගෙන එනු ඇත.  එමෙන්ම මුස්ලිම් ආගමිකයන් සහ ආරාබි කලාපය නියෝජනය කරමින් Al-Amal හෙවත් Hope නමැති යානය එක්සත් අරාබි එමිර් රාජ්‍යය මඟින් මේ සඳහා පිටත් කරන ලදි.

මෙම කලාප තුන නියෝජනය කරමින් අඟහරු වෙත පිටත් වූ මෙම යානා තුනම මේ වන විට ඉතා සාර්ථක ලෙස එම මෙහෙයුමේ නිරතව සිටී. මෙම ගමනේ ප්‍රතිඵලයන් ලබන මස තුන් වන කාර්තුවේදී දැකබලා ගැනීමට හැකි වනු ඇතැයි බලාපොරොත්තු වන බව පරීක්ෂක කණ්ඩායම් සාමාජිකයෝ පවසයි
රිෂ්මි ඉෂාරා