සුගිය සිකුරාදා කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී ආර්ථික විද්‍යා දේශක කසුන් ලියනගේ සමග විවාහ දිවියට පිවිසි රංගන ශිල්පිණී විනූ සිරිවර්ධන විවාහ මංගල්‍යය අතරතුරදී ස්වර්ණවාහිනී නාලිකාවේ රූපවාහිනී සජීවී ඉදිරිපත් කිරීමක් කරමින් සිය රසිකයින්ට විවාහය ගැන විස්තර කියා සිටියේ
මෙසේය.

අද මගේ ලස්සණම දවසේදී ගොඩාක් සතුටුයි. ස්වර්ණවාහිනී හැමදාමත්ම ආදරෙයි තැන්ක්යූ මනීෂා ඔන්න අද දවසෙත් මාව මතක් වුණා. හද රැඳි පැයත් එක්ක හැමදාම වගේ එකතු වෙනවා වගේම ඉතින් අද හද රැඳි පැයේ ලයිව් සොන්ග්ස් ඕගොල්ලන්ට හම්බ වෙනවා අද මගේ විවාහ උත්සවේ දවසේත්.


ඉතින් මගේ ආදරණීය මනමාලයා එහෙමත් නැත්නම් ආදරණීය සැමියා... දැන් අපි ඉතින් විවාහ පත්වෙලා ඉන්නේ.. දැන් සැමියා සහ බිරිඳ විදිහට.
ඉතින් මේ ඉන්නේ මගේ ආදරණීය සැමියා තමයි කසුන්.... කසුන් බුද්ධික ලියනගේ.
ඉතින් සතුටුයි නේද? (සැමියා වෙත මයික්‍රෆෝනය යොමු කරයි)

සැමියා - ඔව් සතුටුයි හුඟක් සතුටුයි...

විනූ නැවත-
මේ වෙලාවෙදි ගොඩක් කතාකරගන්න බැහැ හැබැයි ලොකූ ස්පීච් එකක් දුන්නා. ගොඩාක් සප්‍රයිසස් හම්බවුනා.. ඉතින් ගොඩාක් සතුටුයි.

කලා ලෝකයේ මගේ ළඟීන්ම ඉන්න බොහෝ දෙනෙක් ආවා. ඒත් එක්කම අතිගරු මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යතුන් ඇවිල්ලා අද දවසේ අපේ විවාහ ගිවිසුම් සඳහා මගේ පැත්තෙන් සාක්ෂි වලට අත්සන් කළා ඒත් එක්කම කසුන්ගෙ පැත්තෙන් තරංග ලංකා වීරවර්ධන ඇලරීස් ලංකා පුද්ගලික සමාගමේ අධිපතිතුමා ආවා.

ඉතින් ඔවුන් තමයි අද දවසේ අපේ සාක්ෂි කරුවන් බවට පත්වුනේ..
ඉතින් ගොඩාක් සතුටුයි. ඉතින් ඔය හැමොගෙන්ම අද දවසේ අපට මේ ලැබෙන සජීවී සුබ පැතුම් ගැන ගොඩාක් ආදරෙයි.ඉතින් ගොඩාක් සතුටුයි.