මගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන්ගේ නම් ලැයිස්තුව මින් ඉහත අගොස්තු 07 වන දින ප්‍රචාරය වූ නමුත් සුළු ජන පක්ෂවල බලපෑම මත එය සංශෝධනය වන බව දක්වා අලුත් ලැයිස්තුවක් පසුව
ප්‍රසිද්ධ කරන බව කියැවිණි. දිගින් දිගටම සුළු ජන පක්ෂ සමග සම්මුති කතාබස් වලින් පසු නායක සජිත් ප්‍රේමදාස තමන්ගේ තනි කැමැත්ත මත සමගි ජන බලවේගයට අයිති ජාතික ලැයිස්තුව නම් කිරීමට අවසානයේ හවුල් පක්ෂ සමග සම්මුතියකට පිවිසියේය.

ඒ අනුව මෙලෙස නම්කර ඇති බවට  පක්ෂයේ ආරංචි මාර්ග ඔස්සේ සඳහන් වන නම් අතර පෙර නම් කළ 06 දෙනා ඇතුළත් වන අතර වැඩිපුර එකතුවී ඇත්තේ එරාන් වික්‍රමරත්නගේ නමයි.
ඩයනා ගමගේට අයත් පක්ෂයක් නම වෙනස් කර 'සමගි ජන බලවේගය ' පිහිටවූ අතර එහිදී ඇතිවුණ ගිවිසුම ප්‍රකාරව ඇයට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් පිරිනමා ඇත.

*රංජිත් මද්දුම බණ්ඩාර
*ඉමිතියාස් බාකීර් මාකර්
*තිස්ස අත්තනායක
*හරීන් ප්‍රනාන්දු
*මයන්ත දිසානායක
*එරාන් වික්‍රමරත්න
*ඩයනා ගමගේ