සමඟි ජන බලවේගයේ වන්නි දිස්ත්‍රික් අපේක්ෂක රිෂාඩ් බදියුදීන් මහතාගේ සොහොයුරා වන රිෆ්කාන් බදියුදීන් මුව ආවරණ නොමැතිව ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයක රැඳී සිටිම හේතුවෙන් ඔහු ඉවත් කිරීම මහජන සෞඛ්‍ය පරික්ෂකවරු විසින් ඊයේ (06) කටයුතු කරනු ලැබූහ.  ස්වාධීන කණ්ඩායම් අපේක්ෂකයකු ලෙසත් ඉදිරිපත්ව සිටින රිෆ්කාන් බදියුදීන් මහතා ගණන් කිරිමට මධ්‍යස්ථානයේ නියෝජිතයකු ලෙස
වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට පැමිණ තිබූ අතර එහිදී අංක 21 ගණන් කිරිමේ මධ්‍යස්ථානයට නියෝජිතයකු ඇතුළු වී තිබුණි. ඔහු එහි රැඳී සිටියදී මුව ආවරණයක් නොපැළඳීම නිසා ගණන් කිරිමේ නිලධාරින් හා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විසින් කිහිපවතාවක් අවවාද කොට ඇති  අතර එහිදී රිකාන් මහතා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් වෙත බැණ වැදී ඇති බවද පොලිසිය පැවසීය.

අනතුරුව ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානය අසල  දෙපාර්ශවය අතර බහින්බස් වීමක් ඇතිවීමත් සමග එහි රාජකාරි කළ පොලිස් නිලධාරින්ට සිද්ධිය දැනුම්දී රිෆ්කාන් බදියුදීන් මහතා ගණන් කිරිමේ පරිශ්‍රයෙන් ඉවත් කිරිමට කටයුතු කෙරිණි. ලබාදී ඇති සෞඛ්‍ය උපදෙස් අනුව ක්‍රියා නොකර රිෆ්කාන් බදියුදීන් මහතා හිතුමතේ ඡන්ද ගණන් කිරිමේ මධ්‍යස්ථානයේ සැරිසරා ඇති බවද වවුනියාව පොලිසිය වැඩිදුරටත් පැවසීය.
-සිතුම් චතුරංග-