පාර්ලිමේන්තු මංගල රැස්වීමේදී මන්ත්‍රී ආසන දෙකක් හිස්ව තබන බව පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා පැවැසීය.



පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම හෙට (20) පැවැත්වේ .

පාර්ලිමේන්තුවේ මෙසේ හිස්ව තබන්නේ එක්සත් ජාතික පක්ෂය හා අපේ ජනබල පක්ෂය දිනාගෙන ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර දෙක සඳහා වෙන් කෙරෙන ආසන දෙකයි. එම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙක සඳහා මෙතෙක් කිසිවකු හෝ පකර නොමැති හෙයින් මෙම තීරණය ගත් බවද පාර්ලිමේන්තු මහ ලේකම්වරයා ප්‍රකාශ කළේය.

අපේ ජනබල පක්ෂයට සිය ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා පුද්ගලයකු නම් කිරීම කළ නොහැකි වී ඇතැයි පැවැසෙන්නේ නීතිමය ගැටලුවක් නිසාය. එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා කෙටි කලක් යනතුරු කිසිවකු හෝ නම් නොකිරීමට එම පක්ෂයේ නායකයන් දැනටමත් ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇත.

ඉකුත් මහ මැතිවරණයේදී මෙම දේශපාලන පක්ෂ දෙකටම ලැබුණේ එම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙක පමණි.

- සුජිත් හේවාජුලිගේ -