ලබන 20 වැනිදා ආරම්භ කිරීමට නියමිත 09 වැනි පාර්ලිමේන්තුවට තේරී පත්ව ඇති මන්ත්‍රීවරුන් හට ලියාපදිංචි වීම සදහා Online ක්‍රමවේදය ඔස්සේ කටයුතු සලසා ඇති බව පසුගියදා පාර්ලිමේන්තුවේ මහ ලේකම් කාර්යාලය නිවේදනය කර සිටියේය.



ඒ අනුව අද (15) වන විට Online ක්‍රමවේදය ඔස්සේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 175 කට ආසන්න පිරිසක් සිය දත්ත පාර්ලිමේන්තුව වෙත ලබාදී ලියාපදිංචි කටයුතු සම්පුර්ණ කොටගෙන ඇති බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කාර්යාලය වාර්තා කරන ලදී.

එමෙන්ම අද දිනයෙන් එම ලියාපදිංචි කරගැනීමේ කාල සීමාව අදින් අවසන් බවත් ලබන 20 වැනිදා පැවැත්වෙන මන්ත්‍රීවරුන් දිවුරුම් දීමේ අවස්ථාවට මෙම තොරතුරු අත්‍යාවශ්‍ය වන බැවින් අද දිනය තුළ ලියාපදිංචි නොවූ සියලුම මන්ත්‍රීවරුන් ලියාපදිංචි වියයුතු බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කාර්යාලය වැඩිදුරටත් පවසා සිටියේය.