ඡන්දය සලකුණු කර හොරෙන් ඡායාරූප ගත කර  මුහුණු පොතේ දැමූ බව කියන කන්තලේ ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයකු පෙරේදා  (05) පස්වරුවේ අත්අඩංගුවට ගැනීමට අග්බෝපුර පොලිසිය
කටයුතු කළේය. අග්බෝපුර, රජවැව, ඩී.එස්. සේනානායක විද්‍යාලයීය ඡන්ද මධ්‍යස්ථානයේදී සිය ඡන්දය ප්‍රකාශ කළ සැකකරු ඡන්ද නිලධාරින්ට නොපෙනෙන අයුරින් ජංගම දුරකතනයෙන් ඡායාරූප ගෙන ඇතැයි මූලික පොලිස් පරික්ෂණවලින් අනාවරණය වී තිබේ.

සලකුණු කළ ඡන්ද පත්‍රිකාව මුහුණු පොතෙන් ප්‍රදර්ශනය කිරීමත් සමග අග්බෝපුර පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක බී.එම්.ජී.බී. දහම්පත් මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් සැකකරු අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කළහ. සැකකරු පොලිස් ඇපමත මුදාහැර ඇති අතර 1981 අංක 02 දරණ පාරිලිමේන්තු ඡන්ද විමසීමේ පනතේ 66 වගන්තිය යටතේ ලබන අගෝස්තු 19 දාට නඩු පැවැරිමට නියමිතය.


-අමදෝරු අමරජීව-