ඉන්දියාවේ ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂා සහ ප්‍රාන්ත දෙකක මහ අමාත්‍යවරුන් දෙදෙනකු නව කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් රෝහල් ගත කර ඇත.  ඒ අතරවාරයේදී අබණ්ඩව පස්වැනි දිනටත් ඉන්දියාවෙන් දිනක් ඇතුළත වාර්තා වූ නව  කොරෝනා වයිරස ආසාදිතයගේ ගණන ඊයේ (3) 50,000 ඉක්මවා ගියේය.
අසල්වැසි ඉන්දියාවෙන් ඊයේ (3)  පස්වරුවෙන් අවසන් වූ පැය 24 කාලයේදී වාර්තා වූ නව වයිරස ආසාදිතයන්ගේ ගණන  52,972ක් විය. ඒ අනුව ඉන්දියාවෙන් වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන මිලියන 1.8කි. ලොව වැඩිම ආසාදිතයන් ගණනක් වාර්තා වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයෙති. දෙවැනියට වැඩිම ආසාදිතයන් ගණනක් වාර්තා වන්නේ බ්‍රසීලයෙනි. තෙවැනියට වැඩිම ආසාදිතයන් ගණනක් සහ ආසාදිතයන්ගේ ගණන මිලියනය ඉක්මවූ අනෙක් රට වන්නේ අසල්වැසි ඉන්දියාවයි.

අවසන් පැය 24 කාලයේදී ඉන්දියාවෙන් නව කොරෝනා වයිරස ආසාදිත මරණ 771ක්  වාර්තා වූ අතර ඒ අනුව ඉන්දියාවෙන් වාර්තා වන සමස්ත වයිරස ආසාදිත මරණ ගණන
38,135ක් දක්වා ඉහළ ගියේය.

 ඉන්දියාවේ පාලක පක්ෂිය වන භාරතීය පක්ෂයේ සභාපතිවරයා මෙන්ම එරට ස්වදේශ කටයුතු අමාත්‍යවරයා ද වන අමිත් ට නව කොරෝනා වයිරසය ආසාතය වී ඇතැයි පෙරේදා වාර්තා විය. හෙතෙම වෛද්‍ය උපදෙස් මත රෝහල් ගත කර ඇත.

ඔහු ඇතුළත් කර ඇත්තේ පෞද්ගලික රෝහලකට වන අතර ඒ සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවලින් දැඩි විරෝධයක් ද එල්ල වී තිබිණ. කර්ණාටක ප්‍රාන්තයේ සහ මධ්‍ය ප්‍රදේශ ප්‍රාන්තයේ මහ ඇමැතිවරුන්ට ද නව කොරෝනා වයිරසය ආසාදනය වී රෝහල් ගත කර ඇති බව ඉන්දීය මාධ්‍ය ඊයේ වාර්තා කර තිබිණි.

 “පසුගිය දින කිහිපයේ මා අසළට පැමිණි මා සමග සිටි සියලු දෙනා හුදෙකලා වී ස්වයං නිරෝධායනය වෙන්න. වයිරසය ආසාදනය වී ඇත්දැයි පරික්ෂා කරගන්න” තමාට කෝවිඩ්-19 වයිරසය ආසාදනය වී ඇතැයි සඳහන් කරමින් අමිත් ෂා නිකුත් කළ ට්විටර් පණිවුඩයේ එලෙස දැක්විණි.

මේ අතර අමිත් හා අවසන් වරට අග්‍රාමාත්‍ය මෝදි මුණ ගැසුණේ කවදාදැයි විමසූ අවස්ථාවේදී ඒ සම්බන්ධයෙන් තමාට නිශ්චිතව කිව නොහැකි යැයි අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක කීය.

බෙංගලරුහිදීය (රොයිටර්ස්)