ව කොරෝනා වෛරසය  ගුවන්යානා තුළදී සම්කප්ර‍රේෂණයට ඉඩකඩ ඇති බව අලුත්ම අධ්‍යයනයකින් අනාවරණය කර තිබේ. ජර්මනියේ ෆ්‍රැන්ක්ෆ්ර්ට්හි ගොතේ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය වෛරසවේදය පිළිබද ආයතනයේ පර්යේෂකයන් මෙම අධ්‍යයනය සිදුකර ඇත.
පසුගිය මාර්තු මාසයේදී ඊශ්‍රායලයේ ටෙල් අවිව් නුවර සිට
ජර්මනියේ ෆ්‍රැන්ක්ෆර්ට් නුවර දක්වා පියාසර කළ බෝයිං 737-900 මාදිලියේ ගුවන් යානය තුළ සිටි මගීන් සම්බන්ධයෙන් සිදුකළ අධ්‍යයනයට අනුව ඔවුන් මෙම වාර්තාව සකස් කර තිබේ. මෙම යානයේ සිටි මගීන් දෙදෙනකුට නව කොරෝනාව වැලදී තිබීම ඊට හේතුව විය.

පැය හතරකුත් විනාඩි 40ක් පුරා ක්‍රියාත්මක වූ මෙම ගුවන් ගමන සඳහා මගීන් 12 දෙනෙකු සහභාගි වී සිට ඇත. මෙම මගීන් කිසිවෙකුවත්, එම ගුවන් ගමන ආරම්භවීමට පෙරාතුව කිසිදු ලෙසකින්වත් COVID-19වසංගතය ආසාදනය වී නොමැති බව හඳුනාගෙන තිබුණි.


එහෙත් පසුව සිදුකළ සොයා බැලීමේදී යානයේ ගමන් කළ හෝටල් කළමනාකරුවෙකුට නව කොරෝනා වෛරසය වැලඳී තිබී ඇති බව අනාවරණය වී තිබේ. එසේම ඔහු හා සම්බන්ධතා පැවැත් වු යානයේ මගීන් 24 දෙනෙකු නව කොරෝනා ආසාදිතයන් බව පසුව හඳුනාගෙන තිබේ. මෙම ගුවන් පියාසැරිය. සිදුවූ මාර්තු මාසයේදී ලොව පුරා නව කොරෝනාවට එරෙහිව මුඛ ආවරණ පැලඳීම අනිවාර්ය කර නොතිබීම මෙලෙස වෛරසය ව්‍යාප්තවීමට හේතු වන්නට  ඇතැයි පැවසෙයි. මෙහිදී සංචාරක කණ්ඩායමක සාමාජිකයන් හත් දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බව හඳුනාගෙන තිබේ. ඒ අතරින් සිවු දෙනෙකුට ගුවන් ගමන අතරතුරදී රෝග ලක්ෂණ තිබී ඇත. දෙදෙන්නෙකුට පෙර රෝගී ලක්ෂණ පැවතී ඇති අතර, එක් අයෙකුට කිසිදු රෝග ලක්ෂණයක් තිබී නැත.

"මේ ගුවන් ගමනේදී සම්ප්‍රේෂණය වුණා යැයි අප විශ්වාස කෙරෙන නව කොරෝනා වෛරස සිදුවීම් දෙකක් හඳුනා ගත්තා. ඒ හරහා ආසාදිතයන් හත් දෙනෙකු හිටියා. ඒ අතරින් දෙදෙනකුට වෛරසය ආසාදනය වෙලා තිබෙන්නේ ගුවන් යානයේ පිටුපස කොටසේ වාඩි වෙලා සිටින විටයි. ඔවුන් දෙදෙනා පළමු ආසාදිත පොකුරෙන් හුදෙකලාවයි ඉඳලා තිබෙන්නේ." ඒ අනුව මෙම වෛරස සම්ප්‍රේෂණය එක්කෝ ගුවන් ගමනට පෙර හෝ ගුවන් ගමනින් පසුව සිදුව ඇතැයි පර්යේෂකයෝ පවසති.

ඔවුන් පවසන ආකාරයට එම ගුවන් යානයේ ගමන් කළ මගීන්ගෙන් 90%කට ආසන්න පිරිසකගෙන් මෙම පර්යේෂකයන්  තොරතුරු ලබාගෙන ඇත. ඒ අතරින් එක් අයෙකු ගමනින් දින හතරකට පසුව නව කොරෝනාවට ධනාත්මක බවක් පෙන්වා ඇත. එහෙත් ඔහුට කිසිදු රෝග ලක්ෂණයක් නොවූ බව පැවසෙයි.

"ගුවන් යානයේ ඉහළ කොටසේ සිට පහළට වගේම ඉදිරිපස කොටසේ සිට පිටුපස කොටසට හමා ගෙන යන සුළං ධාරා නිසා වෛරසයේ සම්ප්‍රේෂණ අනුපාතය යම් තරමකින් අඩු කරනවා. එහෙත් ගුවන් යානයේ සිටින මගීන් මුඛ ආවරණ පලදින්නේ නම් මෙම අවදානම තවදුරටත් අවම කරගත හැකියි." මෙහිදී ගුවන් යානයක් තුළදී වෛරසය සම්ප්‍රේෂණය වීමේ අවදානම සම්බන්ධයෙන් කාරණා කිහිපයක් බලපානා බවත්, එහිදී සිටින රෝගීන් සංඛ්‍යාව සහ මගීන්ගේ සහ කාර්ය මණ්ඩලයේ එහා මෙහා යාම් බලපාන  බවත් පර්යේෂකයන් පෙන්වා දෙයි.

මේ අතර වාතය හරහා හමායන දූවිලි අංශු හරහාද මෙම නව කොරෝනා වෛරසය සම්ප්‍රේෂණය වීමේ අවස්ථාවක් පවතින බව අලුත්ම අධ්‍යයනයක් හරහා පසුගියදා අනාවරණය කෙරිණි. කැලිෆෝනියා ඩේවිස් විශ්වවිද්‍යාලයේ සහ මවුන්ට් සිනායිහි ඉකාන්හි වෛද්‍ය පාසලේ පර්යේෂකයන් එක්ව මෙම අධ්‍යයනය සිදුකර තිබේ.

 ඔවුන් පවසන ආකාරයට මෙම වියළුණු වෛරසය පරිසරයේ රැකී පවතින බවත්, ඒවා ටිෂු කඩදාසි සහ සජීවී සතුන්ගේ සිරුරු මත බොහෝ කාලයක් රැදීපැවතී මෙලෙස දූවිලි හා මිශ්‍රව යමින් වෛරසය සම්ප්‍රේෂණය කරවයි.