නව කැබිනට් අමාත්‍යාංශ 25ක් සඳහා නව ලේකම්වරුන්ට පත්වීම් ලිපි ප්‍රදානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතින් අද (13) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු කෙරිණ.

එහිදී නව අමාත්‍යාංශ ලේකම්වරයෙකු ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ධූරයේ කටයුතු කරන වෛද්‍ය අනිල් ජාසිංහ මහතාටද පත්වීමක් ලැබිණි. වෛද්‍ය අනිල් ජාසිංහ මහතා  පරිසර අමාත්‍යාංශයේ ලේකම් ලෙස මේ අනුව පත් කර ඇත. පසුගිය කොරෝනා වසංගත සමයේ වැඩියෙන්ම අවධානයට ලක්වූ රාජ්‍ය නිලධාරියා වූයේ වෛද්‍ය ජාසිංහ මහතාය.