8.15pm
කෙරවළපිටිය විදුලි බලාගාරයේ උප පොළක සිදු වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් අද දහවල් කාලයේ සිට රට පුරා සිදුව ඇති විදුලිය බිඳ වැටීම මේ වනවිට 75%ක් පමණ යථා තත්වයට පත්කර ඇති බව  විදුලිබල මණ්ඩලයේ සභාපති විජිත හේරත් පවසයි.දකුණු පළාත, කොළඹ, ගම්පහ සහ කුරුණෑගල යන ප්‍රදේශවල විදුලි සැපයුම යථා තත්වයට පත්ව ඇතිබව ඔහු ප්‍රකාශ කළේය.
6.00pm
සම්ප්‍රේෂණ පද්ධතියේ දෝෂයක් හේතුවෙන් විසන්ධි වූ විදුලි සැපයුම මේ වන විට දිවයිනේ ප්‍රදේශ

කිහිපයකට යථා තත්ත්වයට පත් කර තිබෙනවා.

දකුණු පළාතේ ප්‍රදේශ කිහිපයකට සහ කොත්මලේ ප්‍රදේශයට විදුලි සැපයුම මේ වන විට යථා තත්ත්වයට
පත් කර ඇති බවයි විදුලිබල මණ්ඩලයේ සභාපති විජිත හේරත් සඳහන් කළේය.
රට පුරා බිද වැටි ඇති විදුලි සැපයුම යළිි යථා තත්ත්වයට පත් කිරිමට අද රාත්‍රී 8 පමණ වන බව
විජිත හේරත් මහතා තවදුරටත් පවසයි.
මුළු දිවයිනටම අඩාල වි ඇති මෙම විදුලි සැපයුම ක්‍රමයෙන් ක්‍රමයෙන් යථා තත්ත්වයට පත් කරමින් යන
බවත් ඔහු පැවසීය.