ද (22) අළුයම 4.05 ට පමණ අලව්ව පොලිස් වසමේ කුරුණෑගල කොළඹ මාර්ගයේ වලකුඹුර ප්‍රදේශයේදී කුරුණෑගල දෙසට ධාවනය වූ මරුටි සුසුකි වර්ගයේ කුඩා මෝටර් රථයක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ටිපර් රථයක මුහුණට මුහුණ ගැටී
අනතුරක් සිදුව තිබේ.

අනතුරින් මෝටර් රථයේ ගමන්කළ රියදුරු ඇතුළු පිරිමි පුද්ගලයන් 05 දෙනෙකු බරපතල තුවාල ලබා අලව්ව රෝහලට ඇතුලත් කිරීමේදී 05 දෙනාම මියගොස් ඇතැයි පොලිසිය වාර්තා කර ඇත.
ඔවුන් වරකාපොල ප්‍රදේශයේ  අවමංගල්‍ය උත්සවයකට සහභාගි වී නැවත කුරුණෑගල බලා පැමිණෙමින්
සිටියදී මෙලෙස අනතුරට ලක්වී ඇති අතර, ජීවිතක්ෂයට පත්වූවන් පෞද්ගලික ඉදිකිරීම් සමාගමක සේවය
කරන්නන් බවට හඳුනාගෙන තිබේ.
මෘත ශරීර අලව්ව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. අනතුර සම්බන්ධයෙන් ටිපර් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත. අලව්ව පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.





(Pics -මහේෂ් උදය කුමාර-අලව්ව)