මෙවර පාර්ලිමේන්තු මැතිවරණයටි හිටපු පළාත් සහා නියෝජිතයින් 58 දෙනෙකු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග කළ අතර ඔවුන්ගෙන් 28 දෙනෙකුට පාර්ලිමේන්තු වරම් හිමිකර ගැනීමට හැකි වී ඇතැයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පළාත් සභා මන්ත්‍රී සංසඳයේ සහාපති සහ සබරගමු පළාත් සභාවේ සභාපති කංචන ජයරත්න මහතා පැවැසිය. දිවයිනපුරා සියලුම දිස්ත්‍රික්ක නියෝජනය කරමින් තරග කළ මෙම 28 දෙනා අතුරින් එක් අයකු ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු වරම් හිමිකර ගෙන ඇතැයිද කංචන ජයරත්න මහතා සදහන් කළේය.

හිටපු මහ ඇමැතිවරුන්, පළාත් සභා ඇමැතිවරුන්, පළාත් සභා මන්ත්‍රීවරුන් ඇතුළු පළාත් සභාවල සියලුම ධුර දැරූ අය මේ අතර වන බව ඔහු ප්‍රකාශ කළේය.  එම සියලු දෙනාම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිර්මාණය කිරීමට මෙන්ම පක්ෂය ජයග්‍රාහී මාවතකට ගෙනයාමට විශාල කැපවීමක් කළ අය බව ද සභාපතිවරයා කීවේය. එම මන්ත්‍රීවරුන් පිළිගැනීමේ  සහ උපහාර පිදීමේ විශේෂ උත්සවයක් ආර්ථික පුනර්ජීවන සහ දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බළකායේ සභාපති සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල්  රාජපක්ෂ මහතාගේ  ප්‍රධානත්වයෙන් හෙට (21) සරු 6.30ට තලවතුගොඩ  ග්‍රෑන්ඩ් මොනොක් හෝටලයේදී  පවත්වන බවද හෙතෙම පැවැසීය.
-ඩයනා උදයංගනී-