[Trending][btop]
[News][stack]

නව පාර්ලිමේන්තුව කැඳවීම 20දා

අභිනව පාර්ලිමේන්තුව ලබන 20 වැනිදා කැඳවීමට තීරණය කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. ඒ සදහා වන අතිවිශේෂ ගැසට් පත්‍රය පෙරේදා  (03දා) මධ්‍යම රාත්‍රියේ නිකුත්
කළ බවද එම නිවේදනයේ සඳහන් කර තිබේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහ පාර්ලිමේන්තු මැතිවරණ පනතින් පැවරී ඇති බලතල ප්‍රකාරව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම තීරණය ගෙන ඇති බවද ජනාධිපති
මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

මේ අතර පාර්ලිමේන්තුවට පැමිණෙන සියලු මන්ත්‍රීවරුන් සභා ගර්භය තුළ රැඳී සිටින කාලය තුළ මුව ආවරණ පැලඳ සිටීම අනිවාර්ය බව පාර්ලිමේන්තුව වෙනුවෙන් සැකසූ සෞඛ්‍ය ආරක්ෂිත මාර්ගෝපදේශ මාලාවේ සඳහන් කර තිබේ.